top of page

අප පිළිබඳව යමක්

ශ්‍රී ලංකාවේ ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස සම්බන්ධයෙන් පවතින සංකීර්ණ ඉතිහාසය සහ වර්තමානයේ සැලකිල්ල යොමුකළයුතු කරුණු අධිලේඛනගත කිරීම, ඉගෙනුම සහ විචාරාත්මක ලෙස සිතාබැලීම සඳහා ඇති, සර්වග්‍රාහී අවකාශයක් ලෙසින් මෙම අතථ්‍ය කෞතුකාගාරය ඇතිකර තිබේ.

අන්තර් ක්‍රියාමය සහ තේමා අනුව පෙලගස්වා ඇති මෙම ඩිජිටල්කරණය කළ දෘෂ්‍යමය සහ ද්‍රව්‍යමය පුරාවස්තු, අධිලේඛනගත ලිපිලේඛන සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කෙරෙන ප්‍රජා ආඛ්‍යාන හා වාචික ඉතිහාසය එකතූන් ගවේෂණය කිරීමටත් ඒ හරහා යටත් විජිත කාලයේ පටන් වර්තමානය දක්වාම ශ්‍රී ලංකාවේ ආගමික නිදහස සම්බන්ධයෙන් වන ගැටළු හා ප්‍රශ්න සමගින් සම්බන්ධවීමටත් අපි මෙහි පැමිණෙන අමුත්තන්ට ආරාධනා කරන්නෙමු. ශ්‍රී ලංකාවේ ආගමික ජීවිතයේ, ඉතිහාසයේ සහ සහජීවනයේ වර්ණවත් සබැඳියාවන් සහ සංවේදනාත්මක විස්තර ග්‍රහණය කරගත හැකි ආකාරයෙන් මෙම කෞතුකාරාගය සැලසුම් කර තිබේ. එසේම, දිගින් දිගටම ආගමික නිදහසට බාධා කිරීමටත් දිවයිනේ සාමයට අකුල් හෙළීමටත් හේතු වී ඇති ආතතීන්, ප්‍රචණ්ඩත්වය සහ කාලයක සිට පවත්නා ආයතනික සීමාකිරීම් සහ බෙදුම් රේඛා වැඩිදුර ඉගෙනුම, සිතාබැලීම සහ දැනුවත්භාවයෙන් යුතුව සිදුකරන සංවාද සඳහා දිරිගැන්වීමට ද එමගින් උත්සාහ දරනු ලැබේ. එමෙන්ම, කෞතුකාගාරයේ වැඩකටයුතු සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට සිදුකළ විස්තීර්ණ ප්‍රාථමික සහ ද්විතියික පර්යේෂණ තොරතුරු ද සිසුන් සහ පර්යේෂකයින්ගේ ප්‍රයෝජනය උදෙසා කෞතුකාගාර අධිලේඛනාගාරයේ තැන්පත් කර තිබේ. එමෙන්ම, අපගේ පුළුල් ප්‍රජාව අරමුණු කරගත් ප්‍රදර්ශන, ආරාධිත දේශන, වැඩමුළු, සහ ඊ-ඉගෙනුම් වේදිකාවක් යනාදී ක්‍රියාකාරකම් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස සම්බන්ධයෙන් වඩාත් වැඩි දැනුවත්භාවයක් සහ ගරුත්වයක් ඇතිකිරීමට මාර්ගගත සහ බාහිර මහජන වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ද අප කැපවී සිටින්නෙමු.

මෙම කෞතුකාගාරය ඇති කිරීමේදී පදනම කරගත් මෙම සාරධර්ම බෙදාහදා ගනිමින්, ආගමික  නිදහස පිළිබඳ මෙම කෞතුකාගාරය ගතික හා සහභාගීත්වයෙන් යුත් අවකාශයක් වනු ඇතැයි සහ එක්ව ඉගෙනගන්නා ප්‍රජාවක් සඳහා මුලපුරනු ඇතැයි අපේක්ෂා කරමු

මෙම කෞතුකාගාරය අන්තර් සංස්කෘතික නවෝත්පාදන සම්මානයෙන් විසින් සහය ලබාදෙන ලදී

කෞතුකාගාර කණ්ඩායම

දායකයින්

ප්‍රජා දායකත්වය 

ඉගෙනුම සහ ආවර්ජනය සඳහා වන සර්වග්‍රාහී සහ සහභාගීත්වයෙන් යුත් අවකාශයක් වශයෙන් මෙම කෞතුකාගාරය සම්පාදනය කරන්නට තමන්ගේ මාහැඟි දායකත්වය, මගපෙන්වීම සහ ප්‍රකාශ ලබාදුන්, ශ්‍රී ලංකාවේ නන්දෙස සිටින අපගේ ප්‍රජා හවුල්කරුවන්ට කෞතුකාගාර කණ්ඩායමේ ස්තුතිය පුද කෙරේ.

විද්වත් දායකත්වය

ගොඩ්ෆ්‍රි යෝගරාජා

 

මහාචාර්ය ෆර්සානා හනීෆා, කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය

 

ආචාර්ය ජානකී ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

 

මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පශ්චාත් අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ

 

මහාචාර්ය ජයදේව උයන්ගොඩ, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ හිටපු මහාචාර්ය

 

මහාචාර්ය තමිල්මාරන්, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහජන සහ ජාත්‍යන්තර නීති දෙපාර්තමේන්තුවේ ප්‍රධානී

 

ජාවිඩ් යූසුෆ්, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිවේදී, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු  කොමසාරිස්.

 

මහාචාර්ය ජී.පී.වී. සෝමරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ නූතන ඉතිහාසය පිළිබඳ හිටපු මහාචාර්ය

 

මහාචාර්ය නිර්මාල් දේවසිරි, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය

 

ආචාර්ය ගෙහාන් ගුණතිකල, නීතිවේදී, වෙරිටෙ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ.


 

NCEASL​
යාමිනී රවීන්ද්‍රන්

මයික් ගේබ්‍රියෙල්

අක්ෂිනා පලිහවඩන

ෂැලෝමි ඩැනියෙල්

ෂෙනාල් ජේසුදියන්

නවිඳු මෙන්ඩිස්

 

පර්යේෂණ ප්‍රධානී
ෂමාරා වෙත්තමුණි

 

අභිරක්ෂක 

වින්ද්‍යා බුත්පිටිය

 

කලා අධ්‍යක්ෂවරුන්

තිලිණි පෙරේරා

සන්දේව් හැන්ඩි

 

පර්යේෂක සහායකයින් 

දිනේෂ් ජයකොඩි

එම් ජී රත්නකාන්තන්

අබ්දුල් අස්මුදීන්

ආතවන් තීවේන්ද්‍රන්

ආදිත්‍ය රාමනිදරන්

සකීනා රාසික්

ත්වාරකි සුන්දරමූර්ති

 

සැලසුම සහ සංවර්ධනය 

ෂනිල් විජේසිංහ | Motion Miracles

ගිහාන් ප්‍රනාන්දු

තිසර ජයසේකර

 

වීඩියෝ 

අබ්දුල් හලික් අසීස්

ඉමාද් මජීඩ්

යාසීන් කාන්

bottom of page