top of page

මාර්ගගත ප්‍රදර්ශන

2022 ජූනි මාසයේ සිට, MinorMatters විසින් රටේ දකුණු, නැගෙනහිර සහ වයඹ පළාත්වල ළමුන්, තරුණතරුණියන් සහ ගුරුවරුන් 200 කට අධික සංඛ්‍යාවක් වෙත ළඟා වන පරිදි ආගමික නිදහස පිළිබඳ කෞතුකාගාරය පදනම් කරගෙන FoRB වැඩමුළු 9ක් පවත්වා ඇත. මෙම වැඩමුළු සඳහා පසු විපරම් මුලපිරීම් ලෙස සිදුකළ FoRB පණිවිඩ බෙදාහදා ගැනීම පුහුණුව සහ සංවාද හරහා තවත් තරුණතරුණියන්, ගුරුවරුන් සහ ළමුන් 1600 දෙනෙකු වෙත ළඟා වී ඇත.

MinorMatters විසින් 2022 ජූනි 11 සහ 12 යන දිනවල මඩකලපුවේ විවිධ ආගමික පසුබිම්වල තරුණ නායකයින් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආගම් ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිළිබඳ දෙදින වැඩමුළුවක් පවත්වන ලදී. මෙම වැඩමුළුව සම්බන්ධීකරණය කරන ලද්දේ මඩකලපුව පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන Local Initiatives for Tomorrow (LIFT) විසිනි. එම වැඩමුළුවලින් පසුව, වැඩමුළුවලට සහභාගී වන සිසුසිසුවියන් සහ තරුණතරුණියන්ට ඔවුන්ගේ ප්‍රජාවන් තුළ ForRB ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපාර සංවර්ධනය කිරීම සඳහා කුඩා ප්‍රදාන ලබා දෙන ලදී. ඒ අනුව, වැඩමුළුවේ පසු විපරමක් ලෙස, LIFT සංවිධානය විසින් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් 90 දෙනෙකු වෙත ළඟා වන පරිදි FoRB පිළිබඳ තවත් වැඩමුළු තුනක් සංවිධානය කරන ලදී.

2022 නොවැම්බර් 17 සහ 18 යන දිනවල පුත්තලම ප්‍රජා දිරිගැන්වීමේ පදනම සමඟ එක්ව MinorMatters විසින් වයඹ පළාතේ තරුණතරුණියන් 25 දෙනෙකු සඳහා ආගමික නිදහස පිළිබඳ කෞතුකාගාරය පදනම් කරගත් වැඩමුළුවක් පවත්වන ලදී. වැඩමුළුවෙන් පසුව, කලාපය තුළ ForRB ප්‍රවර්ධනය කිරීම පිණිස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණු කරන ලද තරුණතරුණියන්ට කුඩා ප්‍රදානයන් ලබා දෙන ලදී.

MinorMatters විසින් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ එක්ව 2022 ජුනි 29 සහ 30 යන දිනවල ගාල්ලේදී දෙදින වැඩමුළුවක් පවත්වන ලදී. වක්වැල්ල කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ පැවති මෙම වැඩමුළුවට දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින වයස අවුරුදු 16 ත් 18 ත් අතර සිසුසිසුවියන් 36 දෙනෙකු එක්ව සිටියහ. කෞතුකාගාරයේ අන්තර්ගතය පදනම් කරගෙන ආගම් ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස සම්බන්ධයෙන්, සහ රටේ ඉතිහාසය හා ආගමික නිදහස වටා සැසිවාර පැවැත්විණි. වැඩමුළුවෙන් අනතුරුව, ළමුන් විසින් දිස්ත්‍රික්කයේ ආගමික සහජීවනය සහ ForRB ප්‍රගමනය යන තේමා යටතේ ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කරන ලදී.

ආගම් ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිළිබඳ දෙදින වැඩමුළුවක් 2022 අගෝස්තු 25 සහ 26 යන දෙදින තුළ මාතර දී පැවැත්විණි. දික්වැල්ල ග්‍රාම සංවර්ධන කළමනාකරණ පුහුණු ආයතනයේදී පැවැත්වුණු මෙම වැඩමුළුව සඳහා දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 16 ත් 18 ත් අතර සිසුසිසුවියන් 40 දෙනෙකු සහභාගී වූහ. මෙම වැඩමුළුව ද දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් පැවැත්විණි. වැඩමුළුවෙන් අනතුරුව, ළමුන් විසින් දිස්ත්‍රික්කයේ ආගමික සහජීවනය සහ ForRB ප්‍රගමනය යන තේමා යටතේ ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කරන ලදී.

දකුණු පළාතේ ළමුන් සමඟ කරන ලද කාර්යයේ දිගුවක් ලෙස, 2022 ඔක්තෝබර් 18 සහ 19 යන දිනවල, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ එක්ව, තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් 32ක ගුරුවරුන් 40 දෙනෙකු සඳහා ForRB පිළිබඳ වැඩමුළුවක් MinorMatters විසින් පවත්වන ලදී. පුහුණුවෙන් පසුව, දිස්ත්‍රික්කයේ පාසල්වල ForRB පිළිබඳ දැනුවත් කිරීම සඳහා ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන්ට සහාය විය.

දකුණු පළාතේ ළමුන් සමඟ කරන ලද කාර්යයේ දිගුවක් ලෙස, 2022 ඔක්තෝබර් 18 සහ 19 යන දිනවල, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ එක්ව, තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් 32ක ගුරුවරුන් 40 දෙනෙකු සඳහා ForRB පිළිබඳ වැඩමුළුවක් MinorMatters විසින් පවත්වන ලදී. පුහුණුවෙන් පසුව, දිස්ත්‍රික්කයේ පාසල්වල ForRB පිළිබඳ දැනුවත් කිරීම සඳහා ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන්ට සහාය විය.

bottom of page