top of page

කෞතුකාගාරය

ආගමික නිදහස පිළිබඳ කෞතුකාගාරය සැලසුම් කර ඇත්තේ  යටත්විජිත යුගයේ සිට වර්තමානය දක්වා කාලය සම්බන්ධයෙන් ගවේෂණාත්මක ඉගෙනුම සඳහා ඉඩ සලසාලන ගතික අවකාශයක් වශයෙනි. ඩිජිටල්කරණය කළ විවිධ පුරාවස්තු සහ ගෘහනිර්මාණශිල්පීය අංග, අධිලේඛිත ලිපිලේඛන, ශ්‍රව්‍ය දෘෂ්‍ය පට, ප්‍රජා සංවාද සහ විද්වතුන් පලකළ අදහස්වලින් සමන්විත මේ අතථ්‍ය අවකාශය ශ්‍රී ලංකාවේ ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස සම්බන්ධයෙන් වන ප්‍රධාන ගැටළු කෙරෙහි අවධානය කේන්ද්‍ර කරන තේමාවන් මාලාවක් වටා සංවිධානය කර ඇති අතර, පැමිණ එහි සැරිසරන්නට අපි ඔබට ආරාධනා කරමු. 

ප්‍රධාන සිදුවීම්

කෞතුකාගාරයේ තේමාත්මක අංශ හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ආගම ඇදහීමේ හා විශ්වාස දැරීමේ නිදහස හා සම්බන්ධව සිදුවූ ප්‍රධාන සිදුවීම් 70ක් සිතියම්ගත කිරීම ඇසුරෙනි. එය, ලංකාද්වීපය ඒකීය රාජ්‍යයක් වශයෙන් බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයින් යටතේ ඒකාබද්ධ කළ, සහ රාජ්‍ය සහ ආගම අතර නිල සම්බන්ධතාවයක් ස්ථාපිත කළ, 1815  උඩරට ගිවිසුම අත්සන් තැබීමෙන් ආරම්භ වේ. ප්‍රධාන තේමා, ක්‍රියාකාරීන් සහ පුරාවස්තු වෙත අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආගම ඇදහීමේ හා විශ්වාස දැරීමේ නිදහස සම්බන්ධයෙන් 200 වසරක ඉතිහාසය සැකෙවින් සිතියම්ගත කෙරෙන මෙම නාමාවලිය, කෞතුකාගාරයේ අන්තර්ගතය සඳහා මඟපෙන්වීමක සහ සම්පතක් වශයෙන් යොදා ගත හැකි වෙතැයි අපේක්ෂා කරමු. 

අධ්‍යාපන

ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ස්වාධීන ඊඉගෙනුම් වේදිකාවක සහය ද ලබාගනිමින් අතථ්‍ය ඉගෙනුම් පරිසරයක්විය හැකි ආකාරයට මෙම කෞතුකාගාරය සැලසුම් කර තිබේ. එම ඊ ඉගෙනුම් වේදිකාවට කෙටි පාඨමාලා, වෙබිනාර්, ශ්‍රව්‍ය දෘෂ්‍ය අන්තර්ගතය සහ මාර්ගගත සංවාද මණ්ඩප ඇතුළත්ය. දැනට එහි විෂයයමාලාවට වෛරී කථනය සහ වෛරී කථනයට ප්‍රති-උපක්‍රම, ආගමික ජාතිකවාදය, ප්‍රචණ්ඩ අන්තවාදය වැලැක්වීම, ඩිජිටල් පුරවැසිභාවය, උද්දේශනය, මානව හිමිකම් ක්‍රියාකාරීත්වය සඳහා නව තාක්ෂණයේ බලපෑම, සහ සාමය ගොඩනැංවීම ඇතුළු මාතෘකා ඇතුළත් වේ.

කෞතුකාගාරයේ සංරක්ෂණාගාරය

ආගමික නිදහස පිළිබඳ කෞතුකාගාරය සම්පාදනය කර ඇත්තේ ඉතා පුළුල් ප්‍රාථමික සහ ද්විතියික පර්යේෂණ මෙන්ම ප්‍රජාවේ දායකත්වය සහ විද්වත් විශ්ලේෂණ මත පදනම්වය. හැකි සෑම තැනකදීම, කෞතුකාගාරයේ ප්‍රධාන තේමාත්මක අංශ සම්බන්ධයෙන් තම දැනුම පුළුල් කරගැනීමට කැමති නරඹන්නන්ට එම සම්පත් ලබාගත හැකි පරිදි තැබීමට කෞතුකාගාර අධිලේඛනාගාරය භාවිතා කර තිබේ.

මාර්ගගත ප්‍රදර්ශනය

ආගම ඇදහීමේ හා විශ්වාස දැරීමේ නිදහස සම්බන්ධයෙන් පවතින කාලීන ප්‍රශ්න සහ ගැටළු පිළිබඳව ප්‍රජාව සමගින් සක්‍රියව සම්බන්ධවීමට දරන වෑයමක් වශයෙන් කලින් කලට කලාත්මක සහ විද්වත් මැදිහත්වීම් සිදුකිරීමට කෞතුකාගාරය කැපවී සිටියි. මෙම සම්බන්ධවීම් කෞතුකාගාරයට දායකවන පිරිස්වල සහයෝගීතාවය ඇතිව මාර්ගගතව සිදුකරන ප්‍රදර්ශනවල ස්වභාවය ගනු ඇත.

මෙම වෙබ් අඩවියේ සැරිසැරීමට මාර්ගෝපදේශ

bottom of page