top of page

ආගම සහ නීතිය

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ 18වැනි වගන්තියෙන්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 18වැනි වගන්තියෙන්, සහ ආගම හෝ විශ්වාසය පදනම් කරගෙන සිදුවන සියළු ආකාරවල වෙනස්කොට සැලකීම් හා නොඉවසීම් තුරන් කිරීමේ ප්‍රකාශයෙන් ගෝලීය වශයෙන් ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස සහතික කර දී තිබේ. දේශීය වශයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදයේ 10වැනි වගන්තියෙන් ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස ආරක්ෂා කර දෙන අතර එහි 'සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ ආගමක් පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසර, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය' යනුවෙන් සඳහන් වේ. තවද 12වැනි වගන්තියේ 2වැනි ඡේදයේ 'කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රීපුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුත්තේය' යනුවෙන් අවධාරණය කරයි. තමන්ගේ ආගම හෝ විශ්වාසයට අදාළව ඇදහීම සහ පිළිපැදීම ප්‍රකාශ කිරීමටත් ප්‍රකට කිරීමටත් පුද්ගලයකුට ඇති මූලික අයිතිය මෙම විධිවිධාන හරහා සහතික කර දී තිබේ. 

නීති සම්බන්ධයෙන් අප සකසා ඇති අන්තර්ක්‍රියාමය කාල රේඛාව ශිෂ්‍යයින්ට හා සම්පත් විද්‍යාර්ථීන්ට සම්පත් වශයෙන් යොදාගැනීමට හැකි වේ යැයි අපේක්ෂා කරමු. එමගින්, ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන නීති පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරනු ලැබේ.

bottom of page